මෙරට විරැකියාව වාර්තාගත ලෙස පහළට

මෙරට විරැකියාව වාර්තාගත ලෙස පහළට

මෙරට විරැකියා අනුපාතිකය වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, 2024 වසරේ පළමු කාර්තුවේදී 4.5%ක් ලෙස වාර්තා වී තිබූ විරැකියා අනුපාතිකය මෙම 2025 වසරේ පළමු කාර්තුවේදී 3.8%ක් දක්වා පහළ ගොස් ඇති බව 2025 පළමු කාර්තුවේ ශ්‍රම බලකා සමීක්ෂණ වාර්තාව නිකුත් කරමින් එම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම 2024 තෙවන කාර්තුවේදී 4.1%ක් ලෙස පැවති මෙරට විරැකියා අනුපාතිකය 2024 අවසාන කාර්තුවේදී 4.2%ක් ලෙස වාර්තා වී ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත් 2025 පළමු කාර්තුවේදී මෙරට පිරිමි විරැකියා අනුපාතිකය 4.5% සිට 3.8% දක්වාත්, කාන්තා විරැකියා අනුපාතිකය 7.4% සිට 6.3% දක්වාත් පහළ ගොස් ඇති බව වැඩිදුරටත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු සිය වාර්තාවෙන් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn