ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, අයඩින් මිශ්‍ර ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 20කින්ද, කිලෝග්‍රෑම් 01 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 30කින්ද පහළ දමා ඇත.
එමෙන්ම කිලෝග්‍රෑම් 01 ලුණු කැට පැකැට් එකක් රුපියල් 30කින්ද මිල පහත දමා තිබේ.
ඒ අනුව, රුපියල් 120ක්ව පැවති ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100කටද, රුපියල් 230ක මිලකට පැවති කිලෝග්‍රෑම් 01 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 200කටද, රුපියල් 180ක තිබූ කිලෝග්‍රෑම් 01 කැට ලුණු පැකට්ටුවක් රුපියල් 150කටද අලෙවි කිරීමට නියමිතය.
මෙම ලුණු වර්ග ලබන සතියේ සිට උක්ත මිල ගණන් යටතේ අලෙවි කරන බවයි ලංකා ලුණු සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
774










