මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාව ලබා සිටින යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව ජූලි 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (11) නියෝග කර තිබේ.
රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපති විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
අධි චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනු කර තිබෙන අතර පසුගිය පසුගිය අප්‍රේල් 04 වැනිදා විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීමෙන් පසු ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබිණි.
අද දින නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම වී තිබුණද විනිසුරු නොමැති වීම හේතුවෙන් නඩු විභාගය ජූලි 28 වැනිදා තෙක් කල් තැබුණි.
449










