රාජිත වහාම අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කරයි

රාජිත වහාම අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කරයි

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩු සිදු කරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (11) නියෝග කර තිබේ.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ඔහු අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කිසිදු බාධාවක් නැතැයිද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ්‍සඳහන් කර ඇත.

ධීවර වරාය නීතිගතව සංස්ථාවට ඉදිරිපත්කළ වැලි කැනීමේ ව්‍යාපෘතියක් නීති විරෝධීව විදේශීය සමාගමකට භාරදී රජයට රුපියල් ලක්ෂ 263කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් විමර්ශනය අද කැඳවා තිබූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn