විෂමාචාර චෝදනා මත කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ වැඩ තහනම් කිරීමෙන් පසු මොකද වෙන්නේ?

විෂමාචාර චෝදනා මත කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ වැඩ තහනම් කිරීමෙන් පසු මොකද වෙන්නේ?

ආන්දෝලනාත්මක දේශපාලන සම්බන්ධතා සහිත අධිකරණමය ක්‍රියාමාර්ග ගණනාවක බල ප්‍රදේශයක් වන කඩුවෙල මහේස්ත්‍රාත් නිල මැදිරියට සීල් තැබීම පිළිබඳව රටේ ම දැඩි අවධානයක් යොමු වී තිබේ.

එම අධිකරණය ඉදිරියේ නාමල් රාජපක්ෂලාගේ CSN රූපවාහිනී නාලිකාව වෙනුවෙන් කලු සල්ලි යෙදවීම, යෝෂිත රාජපක්ෂගේ ඩේසි ආච්චිගේ මැණික් මල්ල සම්බන්ධ ඇතැම් කරුණු ද ඇතුළු බරපතළ මූල්‍ය අපරාධ සහ දේශපාලන වැදගත්කමක් සහිත නඩු ගණනාවක් විමර්ශනය කරමින් පවතී.

නිල මැදිරිය සීල් තැබීමෙන් පසුව, එම මහේස්ත්‍රාත්වරිය විසින් විභාග කරමින් පවතින නඩු කිහිපයකට අදාළව සිදු කර තිබෙන විමර්ශන පිළිබඳව නැවත සමාලෝචනය කිරීමට ද අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එලෙස සීල් තැබීම සහ විමර්ශන පිළිබඳ සවිස්තර නිල ප්‍රකාශයක් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් මේ දක්වා සිදු කර නැත.

Facebook
Twitter
LinkedIn