T-56ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

T-56ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

කොළඹ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක නිවසක් තුළ තිබී T-56 ගිනි අවියක් සහ එම නිවසේ කාන්තාව වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවක් විසින් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි සිය නිවසට T-56 ගිනි අවියක් රැගෙන යන බව දුටු එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියකු ඒ බව පොලිසියට දැනුම් දී ඇති බව සඳහන් වේ.

පසුව වැල්ලවත්ත පොලිසිය මේ ස්ථානයට පැමිණ, නිවස පරීක්ෂා කර, ගිනි අවිය පොලිස් භාරයට ගෙන ඇති අතර අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ කාන්තාව 67 වැනි වියේ පසුවන්නියක් බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Facebook
Twitter
LinkedIn