හිටපු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාරට අධිචෝදනා ගොනු කරයි

හිටපු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාරට අධිචෝදනා ගොනු කරයි

අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

ඒ ඇය ඇමති ධුරය දරන කාලයේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට අයෙක් පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කිරීම සම්බන්ධයෙනි.

අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා යටතේ ගොනු කර ඇති මෙම නඩුව සදහා සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර ඇති අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25ක් ඉදිරිපත් කර ඇත.

Facebook
Twitter
LinkedIn