අධිකරණය ශුද්ධ කිරීමේ දෙවෙනි පියවර

අධිකරණය ශුද්ධ කිරීමේ දෙවෙනි පියවර

මෙරට අධිකරණ පද්ධතියේ සිදු කෙරෙන විශමාචාර මැඩ පැවැත්වීමේ දෙවන පියවර කඩුවෙල මහේස්ත්‍රාත් නිල මැදිරියට සීල් තැබීමෙන් ක්‍රියාත්මක කර තිබිණි.

මෙයට මාස දෙකකට පමණ පෙර මාරවිල මහේස්ත්‍රාත්වරයා නඩු විභාග කරමින් සිටින අවස්ථාවක දී ම ඔහුගේ වැඩ තහනම් කිරීම පළමු පියවර විය. අධිකරණ සේවා කොමිෂන් සභාවට ලැබී තිබෙන පැමිණිලි අනුව එම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් නිල මැදිරියට සීල් තබා පොලිස් ආරක්ෂාව ද මේ වනවිට යොදා තිබේ. එම මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරියගේ විශමාචාර චෝදනා පරීක්ෂා කිරීම සඳහා එලෙස සීල් තබා ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn