පුංචි ඡන්ද දිනය මේ සතියේ කියනවා – මැතිවරණ කොමිසම

පුංචි ඡන්ද දිනය මේ සතියේ කියනවා – මැතිවරණ කොමිසම

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු දිනය මෙම සතිය මුල වනවිට ප්‍රකාශයට පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති එල්.ඒ.ආර්. රත්නායක සඳහන් කරයි.

එමෙන්ම මීට පෙර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා තැන්පත් කරන ලද රුපියල් මිලියන 59ක ඇප මුදල් මේ වනවිට එම අපේක්ෂකයන් වෙත නැවත ගෙවා අවසන් කළ බවද ඔහ සඳහන් කරයි.

මැතිවරණය සඳහා රුපියල් කෝටි 16ක් ඇප ලෙස තැන්පත් කර තිබූ අතර ඉන් අපේක්ෂකයන් නැවත ඉල්ලූ රුපියල් මිලියන 59 මේ වනවිට ගෙවා අවසන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn