මෙම වසරේ ඉදිරි මාස 08ක කාලය තුළ රුපියල් කෝටි 140,000ක් වියදම් වන රට පුරා ක්‍රියාත්මක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරු දැනුවත් කරනු ලැබීය.
ඊයේ (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක කරුණු පැහැදිලි කර තිබිණි. එහිදී විශේෂයෙන් අවධාරණය කර තිබෙන්නේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් ලෙස එම මුදල් යෙදවිය යුතු බව ය.
එම සමස්ත ක්‍රියාවලිය සඳහා රාජ්‍ය සේවයේ පූර්ණ කාර්යක්ෂමතාවය යෙදවිය යුතු බවත්, මෙම වසරේ අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන් හට මූලික වැටුප ඉහළ දැමීමත්, එම සේවයේ පවතින පුරප්පාඩු 30,000ක් ඉක්මනින් පිරවීමට කටයුතු කරන බවත් පෙන්වා දී තිබේ.



508










