විදේශ සංචාර සඳහා වසර 4ක් තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රුපියල් මිලියන 3,572ක් වැය කර ඇති අතර, දෙවන ස්ථානය රුපියල් මිලියන 533ක් වියදම් කළ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති සමයේදී ලබා ගෙන තිබේ.
ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර වියදම් පිළිබඳව වාර්තාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. එම වාර්තාව අනුව 2015 සිට මේ දක්වා ජනාධිපතිවරු සිව් දෙනෙකුගේ විදෙස් ගමන් වියදම් වෙනුවෙන් දරා තිබෙන මුළු වියදම රුපියල් මිලියන 2,527.2ක් බව පැවසුවා ය. නමුත් මහින්ද රාජපක්ෂ 2010 – 2014 වසර 4 තුළදී පමණක් රුපියල් මිලියන 3,572ක් මහජන ධනය වියදම් කර තිබීම ද සුවිශේෂී වේ.
මෛත්‍රිපාල සිරසේන හිටපු ජනාධිපතිවරයා 2015 – 2019 කාලය තුළ විදේශ ගමන් වෙනුවෙන් රුපියල් මිලියන 384ක් වැය කර තිබිණි. රනිල් වික්‍රමසිංහ 2022 ජූලි සිට 2024 සැප්තැම්බර් දක්වා වසර දෙක හමාරක කාලයක් තුළ රුපියල් මිලියන 533ක් වැය කිරීම ද විශේෂත්වයකි.
ගෝඨාභය රාජපක්ෂ 2020 වසරේ සිට 2022 ජූලි දක්වා තම ධුර කාලය තුළ රුපියල් මිලියන 126ක් වැය කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා රුපියල් මිලියන 1.8ක් පමණක් විදේශ සංචාර වෙනුවෙන් වැය කර ඇත.










