පරාජිත රනිල් සමඟ අලුත් දීගයකට තවත් පරාජිත ප්‍රබලයෙකු හඳහන් බලයි

පරාජිත රනිල් සමඟ අලුත් දීගයකට තවත් පරාජිත ප්‍රබලයෙකු හඳහන් බලයි

සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ දෙපිල එක් කිරීම පිළිබඳව පසුගිය මාස දෙකක පමණ කාලයක් තුළ පැවති සාකච්ඡා මුළුමනින්ම බිඳ වැටීමත් සමඟ නව සාකච්ඡා වටයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

රනිල් වික්‍රමසිංහ මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ පිරිසක් සමඟ පසුගිය 13 වෙනි දින එම සාකච්ඡා වටය පවත්වනු ලැබීය. කොල්ලුපිටියේ පිහිටි තරු හෝටලයක එම සාකච්ඡා පවත්වා ඇති අතර ලබන සතියේ දෙවන සාකච්ඡා වටයකට පූර්ණ එකඟත්වය පළ කරමින් සියළු දෙනා විසිරී ගිය බව වාර්තාවේ.

සාගල රත්නායක, රුවන් විජේවර්ධන, උදය ගම්මන්පිල, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා සහ රාජිත සේනාරත්න යන අය එම සාකච්ඡාවලට එක් වී සිටියහ.

Facebook
Twitter
LinkedIn