ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි

ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කෙරෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංචාරයේ තෙවන දිනය අද (12)ට යෙදී ඇති අතර ජනාධිපති පස්වරුවේ ලෝක රාජ්‍ය සමුළුවේ ප්‍රධාන සැසිවාරය ඇමතීමට නියමිතය.

එහිදී ආර්ථික වර්ධනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම යන මැයෙන් ජනාධිපති අනුර කුමාර දිසානයාක සිය දේශනය පවත්වනු ඇත.

මෙම දේශනයෙන් තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කිරීම අපේක්ෂා කෙරේ.

මේ අතර ජනපති ඊයේ (11) 2025 ලෝක රාජ්‍ය සමුළුවේදී  කුවේට් අගමැති, ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහ්මඩ් අල්-සබා හමු වී සාකච්ඡා සිදු කර තිබේ.

Facebook
Twitter
LinkedIn