යෝෂිත රාජපක්ෂගේ ඩේසි ෆොරස් ආච්චි සමඟ ස්ථීර තැන්පතු හවුල් ගිණුමක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් තැන්පත් කිරීම පිළිබඳව බරපතළ අර්බුදයක් හට ගෙන ඇත.
මෙම මුදල් උපයා ගත් ආකාරය පිළිබඳව පැහැදිලිව කරුණු ඉදිරිපත් කිරීමට යෝෂිත රාජපක්ෂ අපොහොසත් වී ඇත. මේ නිසා මුදල් විශුද්ධිකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බව මේ වනවිටත් හෙළිකර තිබේ.
මේ අතර, මූල්‍ය අපරාධ විමර්ශන සම්බන්ධයෙන් මෙතෙක් පැවති බාධක විශාල ප්‍රමාණයක් ඉවත් වී ඇති බව ද මාධ්‍යය වාර්තාවලින් දැක්වේ. නාමල් රාජපක්ෂට චෝදනා එල්ල වී තිබෙන ක්‍රිෂ් මූල්‍ය ගනුදෙනුවට අදාළ ගොඩනැගිල්ලේ ගිනි ගැනීම් දෙකක් ආසන්න දිනවලදී සිදුවීම පිළිබඳව ද විශේෂ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර තිබේ.
494










