මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ධුරය ශානි අබේසේකරට

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ධුරය ශානි අබේසේකරට

ශ්‍රී ලංකා පොලීසිය අලුතින්ම පිහිටුවන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.

එය නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව යටතේ ක්‍රියාත්මක කෙරෙන ආයතනයකි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මෙරට ආන්දෝලනාත්මක අපරාධ රැසක්ම අනාවරණය කරගත් නිලධාරියෙකු වන අතර පැවති පාලනයන්වලදී රටේ දේපොළ සහ මහජන ධනය වංචා කළ දේශපාලනඥයින් පිළිබඳ විමර්ශ සිදු කළ ශ්‍රේෂ්ඨ නිලධාරියෙකි.

ඔහු කළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කර තිබිණි.

Facebook
Twitter
LinkedIn