අද (04) දිනට යෙදී ඇති මෙරට 77වන ජාතික නිදහස් දිනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නිදස් චතුරස්‍රයේදී අභිමානවත්ව සැමරිණි.
අද පෙරවරුවේ පැවති මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයන්, අගමති ආචාර්ය හරිනි අමරසූරීය, කථානායක වෛද්‍ය ජගත් ගුණවර්ධන, අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු මැති ඇමතිවරුද සමාන්‍ය ජනතාවද සහභාගී වී තිබිණි.
ජාතික කොඩිය එසවීමෙන් පසුව ජනාධිපති උත්තමාචාර වෙනුවෙන් ත්‍රිවිධ හමුදා තූර්ය වාදනය පැවති අතර පසුව නිදහස් දින පෙළපාලිය පැවැත්විණි.
ජාතික නිදහස් උළෙලේ මෙවර තේමාව වන්නේ “ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන්නයි.
189










