අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අගමැති ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් අද (14) අගමැති කාර්යාලයේදී පැවැත්විණි.
පොංගල් බත සැකසීම ඇතුළු සාම්ප්‍රදායික චාරිත්‍රවලට මුල් තැන දෙමින් උත්සවය සැමරීම සිදු කර ඇත. අගමැති කාර්යාලයේ නිලධාරීන් විසින් නර්තත හා ගායන අංග කිහිපයක් ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුකර තිබේ.
මෙම අවස්ථාවට ධීවර ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර්, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි ඇතුළු අගමැති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිට ඇත.


Views: 0










