ඩිජිටල් හැඳුනුම්පත ගැන කියන කතා බොරු… ඇත්ත මෙන්න…

ඩිජිටල් හැඳුනුම්පත ගැන කියන කතා බොරු… ඇත්ත මෙන්න…

ඩිජිටල් හැඳුම්පත් මගින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීව දත්ත ඉන්දියාව සතුවන බවත් ලාංකිකයන්ගේ සියලු ජීව දත්ත එම හැඳුනුම්පතට ඇතුළත් කරන බවත් සඳහන් කරමින් විවිධ පාර්ශව ජනතාව බිය ගැන්වමින් එල්ල කරන චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂෙප කරන බව ඩිජිටල් ආර්ථික වැඩබලන ඇමති ඉංජිනේරු එරංග වීරරත්න සඳහන් කරයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ,

“අපි දකිනවා මේ දවස්වල ඔය එක එක කතා කියමින් ජනතාව බියගැන්වීමට පටු දේශපාලන අරමුණකින් එක එක පුද්ගලයන් කටයුතු කරමින් ඉන්නවා. මේකෙන් ගන්නේ දත්ත තුනයි. ඇඟිලි සළකුණු, මුහුණේ හැඩරුව සහ කළු ඉංගිරියාවේ හැඩරුව.

නමුත් සමහරු කියනවා මේකට ඇවිදින විදිහ ගන්නවා ඇඟේ සුවඳ ගන්නවා කටහඬ ගන්නවා යැයි ලෝකෙ තියෙන සියලුම අනවශ්‍ය බොරු ප්‍රචාරයක් ගෙනියනවා. ඒ වගේ කිසිම දෙයක් ලබාගන්නේ නැහැ.

ඉන්දියානු සමාගමකට මේ පද්ධතිය අපිට සකස් කර දීමේ කොන්දේසියක් තියෙනවා, රනිල් වික්‍රමසිංහගේ කාලේ ඕක යෝජනා වෙලා තිබ්බේ මේ ඉන්දියාණු සමාගම ජීව දත්තත ගන්න කොටත් අවුරුදු දෙකක් යනතුර ඒ සමාගමට තමයි පද්දතියේ වැඩ කරන්න දෙනවා කියලා. නමුත් අපි ආවට පස්සේ අපි ඒක තනිකරම වෙනස් කළා. අපි කිව්වා මේ පද්ධතිය අපි දානවානම් මේ ජීව දත්ත දාන්න ඉස්සෙල්ලා මේ පද්ධතියේ තියෙන සියලුම ඇක්සස් ශ්‍රී ලංකා රජයට විතරක් තියෙන්න ඕන. එතනින් එහාට ඉන්දියානු සමාගමට මේ පද්ධතියට ඇතුළු වීමට කිසිම අවසරක් නෑ කියන එක අපි පැහැදිලිව කියලා තියෙනවා.

ජීව දත්ත ගන්න ඉස්සෙල්ලා මේ පද්ධතිය ලංකාවට ඔබින විදිහට හදලා දෙන්න තමයි ඉන්දියානු සමාගමක් මෙතනදී මැදිහත් වෙන්නේ.”

Facebook
Twitter
LinkedIn