චීනයේ බීජිං නුවරදී ජනපති අනුර මහත් හරසරින් පිළිගනී

චීනයේ බීජිං නුවරදී ජනපති අනුර මහත් හරසරින් පිළිගනී

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping)ගේ ආරාධනයකට අනුව චීනයේ නිල සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබේ.

එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ ඇමති චෙන් ශියාඩොන් විසින් ජනාධිපති පිළිගෙන ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක ගමන් ගත් මාර්ගය දෙපස දෙරටේ ජාතික ධජවලින් සරසා තිබේ.

මෙම රාජ්‍ය සංචාරයේදී තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට මෙන්ම ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකටද ජනාධිපති එක්වීමට නියමිතය.

තවද මෙම සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමති බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග් සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මෙම අවස්ථාවට එක්ව සිටි ඇත.

Facebook
Twitter
LinkedIn