හිමිකම සනාථ කිරීමට නොහැකිවූ සුඛෝපභෝගී ජීප් රථ 03ක් සහ වැගන් ආර් රථයක් ගණේමුල්ල – ගලහිටියාව ප්‍රදේශයේ නිවසක තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සොයාගත් එම වාහනවල වටිනාකම කෝටි 12කට අධික බව පොලිසිය සඳහන් කරයි.
රාගම බටුවත්ත ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයෙදී පොලිස් නිලධාරීන් විසින් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් පරීක්ෂාවට ලක්කිරීමට උත්සාහ දරා ඇත. එම අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැනවැදී පළාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
පළායන අවස්ථාවේ රිය පැදවූ පුද්ගලයා බීමත්ව සිට ඇති අතර බෙන්ස් රථය ගාල්කර තිබී ඇත්තේ ගණේමුල්ල – ගලහිටියාව ප්‍රදේශයේ නිවසකෙය. පොලිස් නිලධාරීන් එම නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී හිමිකම සනාථකිරීමට නොහැකිවූ අදාළ වාහන සොයාගෙන ඇත.
නිවස පරීක්ෂාකරන අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු නිවෙස් හිමියා, බිරිඳ සහ රථය පැදවූ රියැදුරා අත්අඩංගුවට ගෙන වත්තල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 17 දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කර තිබේ.










