පාර්ලිමේන්තු මැතිවරණයට දිලිත් ජයවීරගේ පක්ෂයෙන් ත්‍රිකුණාමලයට තරග කරන අපේක්ෂකයන් දෙදෙනෙකු වන කුණසේකරන් මයිලන් හා පූබාල රත්නම් රාජේන්ද්‍රන් යන දෙදෙනා එම පක්ෂයෙන් ඉවත් වී තිබේ.
ඔවුන් මේ වනවිට ආණ්ඩු ගණනාවක ඇමතිවරයෙකු ලෙස කටයුතු කර ඇති ඩග්ලස් දේවානන්දාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක් වී ඇතැයිද වාර්තා වේ.
සර්වජන බලය බලයේ පක්ෂයෙන් ඉවත් වූ මෙම අපේක්ෂකයන් දෙදෙනා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තමන්ට මැතිවරණ තරග කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල නාමයෝජනා දුන් බවත් නාමයෝජනා භාරදීමෙන් පසු ප්‍රචාරක කටයුතුවලට මෙතෙක් සම්බන්ධ කර නොගත් නිසා කලකිරීමට පත්ව සිටින බවත්ය.
7,373










