මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශනට ලද තොරතුරක් මත එම අංශය විසින් කිඹුලාපිටිය ගුවන්තොටුපොළ මාර්ගයේ පිහිටි නිවසක තිබී අනන්‍යතාව තහවුරු කර නොගත් සුඛෝපභෝගී රථයක් සොයාගෙන තිබේ.
එම රථය ගාල් කර තිබී ඇත්තේ එම නිවසෙහි කඩ කාමරයකය.
අනතුරුව එම රථය කටාන පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබේ.
එම සුඛෝපභෝගී රථය එකලස් කරන ලද වාහනයක් බවට පොලිසියට සැක මතුකරයි.
ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු නියෝග කර ඇත්තේ, එම රථය රේගු දෙපාර්තමේන්තුවට හා රජයේ රස පරීක්ෂක වෙත යොමුකර පරීක්ෂා කිරීමෙන් පසු වාර්තා ඉදිරිපත් කරන ලෙසය.
කෙසේවෙතත් මෙහි හිමිකාරීත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව වැඩිදුරටත් වාර්තා වේ.
2,497










