පාප්ප බාල්දියක්, පෝස්ටර් තොගයක් සමග අපේක්ෂකයෙකු, ගුවන් සේවිකාවක ඇතුළු හතරක් අත්අඩංගුවට

පාප්ප බාල්දියක්, පෝස්ටර් තොගයක් සමග අපේක්ෂකයෙකු, ගුවන් සේවිකාවක ඇතුළු හතරක් අත්අඩංගුවට

පෝස්ටර තොගයක් ඇළවීම සඳහා රැගෙන යමින් සිටි වන්නි මැතිවරණ කොට්ඨාසයට තරඟ කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු සහ ගුවන් සේවිකාවක ඇතුළු සිව්දෙනකු වවුනියාව, පුලියංකුලම රාමනූර් හීදි අත්අඩංගුවටගත් බව පුලියංකුලම පොලිසිය පවසයි.

සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණ රජයේ ගොඩනැගිලි සහ විවිධ ස්ථානයන් හි නීති විරෝධී ලෙස පෝස්ටර ඇළවීම සිදුකරන පුද්ගලයින් පිරිසක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණ තොරතුරක් මත අපේක්ෂකයා සහ ගුවන් සේවිකාව ඇතුළු පිරිස අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන් සතුව තිබී පෝස්ටර 4,629ක්, පාප්ප බාල්දි, පින්සල් සහ ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජිප් රථයද අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවටගත් සැකකරුවන් බොරලැස්ගමුව මාලඹේ, කඹුරුපිටිය, ඉමදූව බඩල්කුඹුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

Facebook
Twitter
LinkedIn