හිරුණිකා සජිත්ටත් උඩින් !

හිරුණිකා සජිත්ටත් උඩින් !

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්, සමඟි ජන සන්ධානයෙන් මහා මැතිවරණයට ඉදිරිපත් වී සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සජිත් ප්‍රේමදාසටත් වඩා මනාප ලබා ගනීවි යැයි අභ්‍යන්තර සංවාදයක් ඇති වී ඇතැයි වාර්තා වේ.

හිරුණිකාට එරෙහිව සජිත් ප්‍රේමදාස පවුලෙන් මෙන්ම සමඟි ජන සන්ධානයෙන් ද අභ්‍යන්තර විරෝධයක් දිගින් දිගටම පවතී. මෙම තත්ත්වය හමුවේ එම පක්‍ෂයේ කාන්තා සංවිධානවල සියලු වගකීම්වලින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉල්ලා අස් විය. එමෙන්ම කිහිප දෙනකු විසින් පක්‍ෂයේ සියලු තීන්දු ගන්නා බවට ද චෝදනා කර තිබිණි.

ඇය අවසන් වරට පවත්වන ලද මාධ්‍ය හමුවකට හදිසියේ කඩාවැදුණු එම පක්‍ෂයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර අභ්‍යන්තර ගැටීම් සමනය කර ගැනීමට දැඩි උත්සාහයක් දැරී ය. එහෙත්, මේ වන විට මනාප සම්බන්ධයෙන් පවතින තරගකාරීත්වය හමුවේ සජිත් ප්‍රේමදාස පවා අභිබවා යා හැකි බවට සැක මතු වීම නිසා නැවත වරක් ගැටලු මතු වී ඇතැයි ‘යූටියුබ්’ අවකාශයේ දේශපාලන සංවාදවල දී හෙළි වී තිබේ.

Facebook
Twitter
LinkedIn