සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාධනීය පියවර ගත හැක්කේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් තුළින් පමණයි – වෛද්‍ය ජගත් ගුණවර්ධන

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාධනීය පියවර ගත හැක්කේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් තුළින් පමණයි – වෛද්‍ය ජගත් ගුණවර්ධන

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාධනීය පියවර ගත හැක්කේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් තුළින් පමණක් යැයි ජාතික විද්වත් සංවිධානයේ වෛද්‍ය සාමූහිකයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය ජගත් ගුණවර්ධන අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 08 වනදා කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික විද්වත් සංවිධානයේ වෛද්‍ය සාමූහිකයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය ජගත් ගුණවර්ධන,

“අද වනවිට රෝහල් තුළ වෛද්‍ය සහ බරපතළ ඖෂධ හිඟයක් පවතිනවා. ඒ වගේම රසායනාගාර පහසුකම්, සහ පරීක්ෂණවල බරපතළ අඩාල වීම් දිනපතාම වාර්තා වෙනවා. මේ තත්වය මඟහරවා ගන්න දළ ජාතික නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 3%ක් වත් සෞඛ්‍යයට යොදවන්න ඕනෑ. අපේ ඉදිරි ක්‍රියාමාර්ග තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සාධනීය පියවර ගණනාවකින් ඔසවා තැබීමේ සැලසුම් සකස් කර අවසන්. ඒ වගේම ජනතාවට පහසුවෙන් ඖෂධ ලබා ගන්න රාජ්‍ය ඔසුසල් සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කරන්නත් ක්‍රියා කරනවා. ඒ වගේම පවුලේ වෛද්‍යවරයෙක් හඳුන්වාදීමේ ක්‍රියාමාර්ගයත් ඊට අදාළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පිහිටුවා ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයට මුල්තැන දෙනවා. මෙවැනි සාධනීය කරුණු බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ හැකි වන්නේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදීමෙන් පමණයි.

ජනාධිපතිවරණයේදී අපිට ලැබුණු බහුතර බලය මහ මැතිවරණයෙන් 60% ඉක්මවා ගොස් මේ වෙනුවෙන් විශාල ශක්තියක් ලබා දිය හැකියි. ජනාධිපතිවරණයේදී අපට ඡන්දය නොදුන් අය ඒකරාශී කර ගනිමින් විශාල ගමනක් යන්න තිබෙනවා. දුප්පත්කමේ පතුලේ ඉන්න ජනතාව මේ රටේ අභිමානවත් පුරවැසියන් හැටියට දෙපයින් නැගී සිටින දවස වැඩි ඈතක නොවෙයි.”

Facebook
Twitter
LinkedIn