නොවැම්බර් 14 වෙනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජන බල සන්ධානයේ නාමයෝජනා ලබා දීමට පවතින අභ්‍යන්තර ගැටීම් උග්‍රවීම නිසා විරෝධතා පිළිබඳව සලකා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ.
මෙම කමිටුව පත් කිරීමේදී එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස එම වගකීමවලට මුහුණ නොදී මහලේකම් රංජිත් මද්ධුම බණ්ඩාර වෙත එම කටයුතු පවරා තිබේ. ඒ අනුව සමත කමිටුවේ ප්‍රධානියා ලෙම එරාන් වික්‍රමරත්න පත් කර ඇත. සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතීඥ ඩිනල් පිලිප්, නලීන් දිසානායක සහ එස්.ඩී ජනනාත පත් කර ඇත.
මහ නුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් මහේෂ් සේනානායක, වසන්ත යාපා බණ්ඩාර සහ ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියනිය අතර මේ වනවිටත් දැඩි ගැටුම් නිර්මාණය වී ඇති බව හෙළි වී තිබිණි. කොළඹ ගම්පහ සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල පවතින තත්වයද ඒ හා සමානම උග්‍ර මට්ටමක පවතින බව වාර්තා වේ.
6,355










