නොවිසඳූ සියලුම සුළු පැමිණිලි ගැන වැඩබලන පොලිස්පතිගෙන් දැනුම්දීමක්

නොවිසඳූ සියලුම සුළු පැමිණිලි ගැන වැඩබලන පොලිස්පතිගෙන් දැනුම්දීමක්

මෙතෙක් විසඳා නැති සියලුම සුළු පැමිණිලි සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම පොලිස්ථාන වෙත විශේෂ දැනුම් දීමක් සිදු කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කරන්නේ මෙතෙක් විසඳා නැති මහජනතාව විසින් ඉදිරිපත් කර ඇති සියලුම සුළු පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්