පුද්ගලයකු විදේශගත කරන බව පවසා මුදල් කප්පම් ලබා ගැනීම සම්බන්ධ සිද්ධියකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට ලක් වූ හිටපු රාජ්‍ය ඇමැති, අරුන්දික ප්‍රනාන්දුගේ බිරිඳ ඕස්ට්‍රේලියාවේ, කැන්බරා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වැනි නිලධාරිනිය ලෙස කටයුතු කරන බව හෙළි වී තිබේ.
ඇය ඩී.සී ප්‍රනාන්දුපුල්ලේ නම් වේ. ඕස්ට්‍රේලියාවට පුද්ගලයන් යවන බව ප්‍රකාශ කරමින්, පුද්ගලයකුගෙන් කප්පම් ලබා ගැනීම සම්බන්ධයෙන් අරුන්දික ප්‍රනාන්දුගේ පෞද්ගලික ලේකම්ට චෝදනා එල්ල වී තිබේ. එසේ කප්පම් ලෙස ලබා ගත් මුදල් සම්බන්ධ ගනුදෙනු අරුන්දික ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් හරහා සිදු කර තිබිණි.
අරුන්දික ප්‍රනාන්දුගේ බිරිඳ පිළිබඳව තොරතුරු හෙළි කර තිබෙන්නේ සැප්තැම්බර් මස 29 වැනි දිනට අදාළව නිකුත් කර තිබෙන ‘අනිද්දා’ පුවත් පතෙන් ය. එහි නියෝජ්‍ය කර්තෘ ලසන්ත රුහුණගේ විසින් ලියන ලද ලිපියක ඩී.සී ප්‍රනාන්දුපුල්ලේ පිළිබඳව තොරතුරු හෙළි කර ඇත.









