අදින් පසු පාසල්වලට දෙමාපියන්ගෙන් මුදල් එකතුකිරීම තහනම්

අදින් පසු පාසල්වලට දෙමාපියන්ගෙන් මුදල් එකතුකිරීම තහනම්

රට පුරා බොහෝ පාසල්වල ලෝක ළමා දිනය, ගුරු දිනය ආදී උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කරන බවට අධ්‍යාපන අමාත්‍යංශය වෙතට පැමිණිළි ලැබී ඇති බවත් වහාම මෙම ක්‍රියාව නතර කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

එම අමාත්‍යාංශ ලේකම් ජේ.එම් තිලකා ජයසුන්දරගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එලෙස හමුදල් එකතු කිරීමෙන් දෙමාපියන් සහ සිසුන් අපහසුතාවයට පත්වන බවත් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ද විවිධ ප්‍රශ්ණවලට මුහුණ දෙන බවත්ය.

එම නිසා මෙවැනි තත්වයන් ඇති නොවීමට විදුහල්පතිවරු වගබලා ගත යුතු බවත් දෙමව්පියන්ගේ මුදල් එකතු කිරීම නතර කළ යුතු බවත් එහි වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn