පෘථිවියේ භ‍්‍රමණය ක‍්‍රමයෙන් මන්දගාමී වීමට සමගාමීව වේලාව නිවැරදි කිරීම සඳහා ලොව පුරා සියලුම ඔර්ලෝසුවලට 2016.12.31 මධ්‍යම රාත‍්‍රියේ දී අමතර තත්පරයක් එක් කර තිබේ.
ඒ අනුව නාසා අභ්‍යවකාශ ගවේෂණ සහ සූර්යබල කාල හෝරා යන්ත‍්‍රය ඇතුළු ලොව පුරා සියලුම කාලය මැනීමේ උපකරණවලට 31 මැදියම් රැයේ දී අමතර තත්පරයක් එක්කර ඇත.
විද්‍යාත්මක ගවේෂණයන්හි දී තත්පරයක කාල සීමාව විශාල කාල විරාමයක් ලෙස සැලකේ.
ඒ අනුව 2016 වසර තත්පරයකින් දීර්ඝ වූ අතර 2017 නව වසර උදාවීම තත්පරයකින් ප‍්‍රමාද විය.
21










