ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මන්ත්‍රී ධුරයෙන් පහ කරන ලද මනූෂ නානායක්කාර විදේශ රැකියා සම්බන්ධ ජනාධිපති උපදේශක ලෙස පත් කර සිටියද ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ කටයුතුවලට මැදිහත් වී ඇති බව හෙළි වී තිබේ.
ඔහු, ගාල්ල නෙළුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (16) ප්‍රකාශ කර තිබෙන්නේ 21 වෙනිදා ආරක්ෂක අංශ සීරුවෙන් තබන බව ය. මෙවැනි ප්‍රචාර පසුගිය කාලය පුරාම ජනතාව බිය ගැන්වීම සඳහා නොයෙක් පුද්ගලයන් විසින් ගෙන ගිය අතර මනූෂ නානයක්කාර ච ඒ අතරට එක්වී සිටී. එහෙත් රනිල් වික්‍රමසිංහගේ තවත් උපදේශකයෙකු ලෙස මෑතදී පත් කළ හරීන් ප්‍රනාන්දු පවා මේ වනවිට පරාජය බාර ගෙන නිහඬතාවයකට පත් වී සිටී.
පසුගිය සති අන්තයේ පුවත්පත්වල මුල් පිටුව තම ප්‍රචාරක දැන්වීම් සඳහා යොදා ගත් රනිල් වික්‍රමසිංහ ප්‍රධාන වශයෙන් ම අවධාරණය කර තිබුණේ “රට තවමත් අනතුරේ“ බව ප්‍රචාරය කිරීමට ය.
1,280










