පොලිස්පති නියෝගයට පොලිසිය පයින් ගහයි

පොලිස්පති නියෝගයට පොලිසිය පයින් ගහයි

පොලිස් අත්තඩංගුවේ සිටින පුද්ගලයින් පිළිබඳව තොරතුරු මාධ්‍යවලට මුදා හැරීම වළක්වමින් පොලිස්පතිවරයා විසින් අභ්‍යන්තර චක්‍රලේඛ නිකුත් කර තිබිය දී මෙන් ම සාමාන්‍ය පොදු නීතිය ද ඉක්මවා පොලිසිය කටයුතු කරන ආකාරය ක්ලබ් වසන්ත ඝාතනයෙන් පසුව යළිත් තහවුරු වී තිබේ.

ටැටූ ආයතනයේ හිමිකරු කියන පුද්ගලයා ප්‍රශ්න කරන උසස් පොලිස් නිලධාරීන් රැසක් සංවිධානාත්මකව මාධ්‍ය ඉදිරියේ ඒ ප්‍රදර්ශනය කර ඇත. එය මුළුමනින් ම නීතියට ද පටහැණි බවත් කිසියම් චූදිතයෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවලට ඉදිරිපත් කළ යුතු බවට තීරණය කරන අවස්ථා පවා වළක්වා ඇති බවත් නීතිඥයින් පෙන්වා දී තිබේ.

එසේ ම, හිටපු පොලිස්පතිවරයෙකු වන සී. ඩී. වික්‍රමරත්න 2022 පෙබරවාරි 14 දින නිකුත් කර ඇති RTM 382CRTM231 දරණ අභ්‍යන්තර චක්‍රලේඛ මුළුමනින් ම උල්ලංඝණය කිරීමක් බවත් අනාවරණය වේ. ක්ලබ් වසන්ත ඝාතනය කිරීමෙන් පසුව CCTV දර්ශන ඇතුළු වීඩියෝ රැසක් සමාජ මාධ්‍යයට මුදා හැරීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු වී ඇත.

මේ වනවිට රට තුළ පවතින ප්‍රබල දේශපාලන කරුණු ජනතාවගෙන් වසන් කිරීම සඳහා ආණ්ඩුව ද මෙවැනි අපරාධ ක්‍රියා මෙන් ජනප්‍රිය පුද්ගලයින් සම්බන්ධ වෙනම තොරතුරු සමාජයට මුදා හරිමින් ජනතාවගේ අවධානය වෙනතක හැරවීමේ ක්‍රියාවලියක නියැලී සිටී.

.

Facebook
Twitter
LinkedIn