ලොක්කෙක් පන්නනවාලු!

ලොක්කෙක් පන්නනවාලු!

මෙරට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ශම්මි සිල්වා ඇතුළු සියලු දෙනා ඉවත් කරන බවට විදේශ ඇමති අලි සබ්‍රි වහසි බස් දොඩවා තිබේ.

ඔහු එම ප්‍රකාශය කර තිබෙන්නේ රොයිටර් පුවත් සේවය සමඟ ය. අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අලි සබ්‍රි ඇතුළු ක්‍රිකට් අනු කමිටුවක් පත් කළ බවත්, 1996 සිට 2015 දක්වා රැක ගත් සන්නාමය ඉන් පසුව ගිලිහී ගිය ආකාරය පිටු 44ක වාර්තාවකින් පෙන්වා දී ඇති බවත් අලි සබ්‍රි එම පුවත් සේවය සමඟ ප්‍රකාශ කර තිබේ.

ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ද මෙයට පෙර අවස්ථා ගණනාවක දී ක්‍රිකට් පරිහානියට වගකිවයුත්තන් හට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බව ප්‍රකාශ කර තිබිණි. එහෙත් මේ දක්වා එවැනි කිසිදු අවම හෝ ප්‍රතිසංස්කරණ සිදු කර නැත.

Facebook
Twitter
LinkedIn