ක්ලබ් වසන්ත ඝාතනයේ වීඩියෝ රැල්ලක්

ක්ලබ් වසන්ත ඝාතනයේ වීඩියෝ රැල්ලක්

ක්ලබ් වසන්ත යනුවෙන් හඳුන්වන පුද්ගලයා ඝාතනය සම්බන්ධයෙන් අතිශය සංවේදී සහ විමර්ශන සඳහා අත්‍යාවශ්‍ය වීඩියෝ රැල්ලක් මුදා හැරීම පිළිබඳව විශ්ලේෂකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.

මෙම වීඩියෝ මුදා හැරීම සැලසුම් සහගතව සිදු කරන්නේ දැයි බලවත් සැකයක් මතු වී ඇති අතර එම පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකාරීත්වය ද ටෙලි නාට්‍යයක ස්වරූපයට පත්වී ඇති බව බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. රුපියල් ලක්ෂ 10කට ක්ලබ් වසන්ත පාවා දුන් බව කියන ටැටූ මල්ලී යනුවෙන් හඳුන්වන පුද්ගලයාගෙන් පොලිසිය ප්‍රශ්න කරන වීඩියෝවක් ජනමාධ්‍යයට මුදා හැර තිබීම බරපතළ සැක මතු කරන මෙන් ම, අපරාධ පරීක්ෂණවල දී කිසිසේත් සිදු නොකළ යුතු ක්‍රියාවක් බව පොලිස් අභ්‍යන්තර තොරතුරුවලින් ම තහවුරු කර ඇත.

එමෙන් ම, පොලිස් පරීක්ෂණවලට අතිශයින් ම අදාළ වී තිබෙන වෙඩි තැබූ ස්ථානයේ අභ්‍යන්තර CCTV දර්ශන මුදා හැරියේ කවුරුන් ද යන්නත් බරපතළ ගැටලුවක් වී තිබේ. එමෙන් ම, ඝාතකයන් පැමිණි වාහනවල දර්ශනවල සිට CCTV දර්ශන මුදා හැරීම පිළිබඳව ද දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි එම පරීක්ෂණ පිළිබඳව වෘත්තීය නිපුණතාවක් තිබෙන පිරිස් පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn