පාවා දුන්නාට රනිල්ගෙන් රුපියල් 525ක්

පාවා දුන්නාට රනිල්ගෙන් රුපියල් 525ක්

රනිල් පොහොට්ටු හවුල් පාලනය තම බංකොලොත් භාවයේ අන්තයට ම ගොස් ඇති බව ප්‍රදර්ශනය කරමින් ගුරු සහ විදුහල්පති වෘත්තීය අරගලයට සහභාගී නොවූ අය හට රුපියල් 525 සිට රුපියල් 1,630ක් දක්වා පුළුල් පරාසයක වැටුප් වර්ධකයක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ දී බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කර ඇති අතර ඊයේ (09) කැබිනට් අනුමැතිය ද ලබා දී තිබිණි. ඒ අනුව 3 (1) ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525ක්, 2 (1) ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 1,335ක් සහ 1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 1,630ක වැටුප් වර්ධකයක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

මෙම වැටුප් වර්ධකය විශ්‍රාම වැටුපට බල නොපාන ආකාරයෙන් ඉහළ දමන බවත් ප්‍රකාශ කර ඇත. ගුරු විදුහල්පතිවරුන්ට අමතරව වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට එක් නොවූ රාජ්‍ය අංශයේ අනෙකුත් සියලු දෙනාටත් එම වැටුප් වර්ධක ලබා දෙන බව ප්‍රකාශ කර ඇත. ආණ්ඩුව මේ ආකාරයෙන් තුට්ටු දෙකක් ලබා දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරීමට ප්‍රයත්න දැරීම ම ගුරුවරුන් සහ සමස්ත රාජ්‍ය සේවකයන්ට කරන ලද බලවත් අපහාසයක් බවට ප්‍රතිචාර විවිධ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙමින් පවතී.

Facebook
Twitter
LinkedIn