මාලිමාවේ සටනින් ජනතාවට ජය‍

මාලිමාවේ සටනින් ජනතාවට ජය‍

රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව අසීමිත ලෙස විදුලි ගාස්තු වැඩි කරමින් තිබීමට එරෙහිව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ වසන්ත සමරසිංහ මහජන උපයෝගීතා කොමිසම හමුවේ පසුගිය 2024 පෙබරවාරි 15 වෙනිදා ඉදිරිපත් කළ තර්කය ඵල දරා තිබේ.

එම කොමිසම හමුවේ ඔවුන් කරුණු සහිතව පෙන්වා දුන්නේ විදුලි බිල 30% දක්වා ප්‍රමාණයකින් පහත හෙළිය හැකි බව ය. ඇතැම් අවස්ථාවල එම කොමිසමේ සභාපතිගේ බාධා කිරීම් මධ්‍යයේ පවා ජාතික ජන බලවේගයේ නියෝජිතයන් විදුලි බල මණ්ඩලයේ දත්ත හෙළි කරමින් විදුලි බිල අඩු කළ හැකි ආකාරය පෙන්වා දුන්හ.

නමුත්, ආණ්ඩුව මුල් අදියරේ දී ඉතා සුළු ප්‍රමාණයකින් විදුලි බිල අඩු කරනු ලැබුව ද ලබන 18 වෙනි දින සිට 30% දක්වා විදුලි ගාස්තු අඩු කිරීමට සැලසුම් කර තිබේ. ජාතික ජන බලවේගයේ නියෝජිතයන් කරුණු හෙළි කිරීම ජනතාවට වසන් කරමින් ආණ්ඩුව විසින් ජනතාවට ලබා දෙන සහනයක් ලෙස දක්වමින් විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳ ප්‍රචාරය ආරම්භ කර ඇත.

පසුගිය පෙබරවාරි 16 වෙනි දින ලංකා ටෘත් වෙබ් පිටුවේ පළ කළ පුවත පහතින් දැක්වේ.

විදුලි බිල 20%කින් 30%කින් අඩු කරන හැටි මාලිමාව මහජන උපයෝගීතා කොමිසමට පෙන්වා දෙයි

විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා එහි ජාතික විධායක සභිකයින් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ සහ ඉංජිනේරු කුමාර ජයකොඩි යන අය ඊයේ (15) මහජන උපයෝගීතා කොමිසමට ගිය අතර එහිදී ඔවුන් විදුලි බිල 20%කින් 30%කින් අඩු කළ හැකි බව පෙන්වා දී තිබේ.

මෙහිදී මහජන උපයෝගීතා කොමිසම මහජනතාවගේ පාර්ශවය නියෝජනය කරමින් කටයුතු කළ යුතු ආකාරයත් විදුලි බල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම මේ වනවිට කටයුතු කරමින් සිටින ප්‍රශ්න සහගත ආකාරයත් එහි දී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් කරුණු පැහැදිලි කරමින් ප්‍රශ්න කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්