හොරා වගේ ස්විට්සර්ලන්තයටත් ගිහිල්ලා

හොරා වගේ ස්විට්සර්ලන්තයටත් ගිහිල්ලා

රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතුවලට පොලිසිය ඍජුව ම යොදා ගැනීමේ උපක්‍රමික මෙහෙයුම ප්‍රජා පොලිස් කමිටු හරහා දියත් කර තිබුණ ද ඒ පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් තොරතුරු හෙළි නොකිරීමට පරිස්සම් වී තිබිණි.

පසුගිය 06 වෙනි දින ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් රැස් කර රනිල් වික්‍රමසිංහ කළ කතාව පිළිබඳ තොරතුරු වෙනත් මාධ්‍යවලින් හෙළි කර තිබේ. එම රැස්වීමේ දී තෝරා ගත් පිරිසකට සාමදාන විනිශ්චයකාර තනතුරු ලබා දීම ද එම රැස්වීමේ දී සිදු කර ඇත. මත් ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීම පිළිබඳව නව සටන් පාඨයක් ඉදිරියට ගනිමින් ඔහුගේ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට සූදානම් වන බව මෙම රැස්වීමේ දී හෙළි වී ඇත.

ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් අමතා ඔහු කර තිබූ ප්‍රකාශයේ විශේෂත්වය වන්නේ 90 දශකයේ දී තමන් නිවාඩුවක් සඳහා ස්විට්සර්ලන්තයට ගිය බවත් එම ගමනේ නවාතැන් ගත් මිතුරාගේ නිවසට පොලිසියෙන් පැමිණ තමන් පිළිබඳ විස්තර ලබා ගෙන ගිය බවත් ය. ඔහු මෙහිදී අවධාරණය කර ඇත්තේ එවැනි ක්‍රමයක් ලංකාවේ ද ක්‍රියාත්මක කළ යුතු බව ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්