රත්නපුරට අවදානම ඉහළයි

රත්නපුරට අවදානම ඉහළයි

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා පළමු සහ දෙවන මට්ටමේ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

පවතින වර්ෂාපතනයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (25) පස්වරුවේ මෙම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව ඕපනායක, පැල්මඩුල්ල කහවත්ත සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයාම සම්බන්ධයෙන් පළමු මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත.

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4ට වඩා බරපතළ මට්ටමට පත්ව ඇති දෙවෙනි මට්ටමේ නිවේදනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9කට වලංගු වේ. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන්නේ ඇහැලියගොඩ, කුරුවිට, කිරිඇල්ල, අයගම, කලවාන, රත්නපුර, ඇලපාත, බලංගොඩ සහ ඉඹුල්පේ යන ඒවා ය.

Facebook
Twitter
LinkedIn