ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ඇතුළු පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී පවත්වන ලද සාකච්ඡාවේ ජනාධිපතිවරයාගේ කරුණු දැක්වීම් ඇතුලත් වීඩියෝව ප්‍රසිද්ධ කර තිබේ.
එම සාකච්ඡාවේදී නීතිඥ සංගමයේ සභාපති ඇතුළු නියෝජිතයින් කරුණු දැක්වීම් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව ජනාධිපති මාධ්‍ය අංශය විසින් එම සංගමයට ලබා දුන් බව ප්‍රකාශ කර ඇත. එම සංගමයේ කරුණු ජනාධිපති මාධ්‍ය අංශය මගින් ප්‍රසිද්ධියට පත් කිරීම ආචාර ධාර්මික නොවන බැවින් ජනාධිපතිවරයාගේ කරුණු දැක්වීම් පමණක් ප්‍රසිද්ධ කරනු ලැබීය. එහෙත් නීතිඥ සංගමයට ලබා දුන් වීඩියෝව මේ දක්වා ප්‍රසිද්ධියට පත් නොකළේ මන්දැයි බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වී තිබේ.
69










