සියඹලාපිටිය වැඩක් දෙන්නයි යන්නේ!

සියඹලාපිටිය වැඩක් දෙන්නයි යන්නේ!

වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප 1,700ක් දක්වා ඉහළ දමන බව මැයි දින වේදිකාවේදී රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වගඋත්තර බැඳීමේ වගකීම පොහොට්ටුවේ මැති ඇමතිවරු පිරිසක් ස්වෙච්ඡාවෙන් බාර ගෙන ඇති බව වාර්තා වේ.

එම පිරිස කිසිදු වගකීමකින් තොරව විවිධ ප්‍රකාශ කරමින් ජනමාධ්‍ය ඔස්සේ තව දුරටත් එම කම්කරුවන් මුලා කිරීමෙහි යෙදී සිටිති. මේ අතරට අලුතින් ම එක්වී සිටින්නේ රංජිත් සියඹලාපිටිය මුදල් රාජ්‍ය ඇමතිවරයා ය. ඔහු මේ දක්වා ප්‍රකටව සිටි මුදල් රාජ්‍ය ඇමති ධුරයට අමතරව “වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඇමති“ ලෙස ද පත් කර ඇති බව අද (25) දිනමිණ වෙබ් පිටුවේ පළ කර තිබෙන ප්‍රවෘත්තියකින් හෙළිවේ. එම ප්‍රවෘත්තියට සිරස්තලය යොදා තිබෙන්නේ “වතු සේවක වැටුප් වැඩිවීම ස්ථීර ලෙසම ක්‍රියාත්මක කරනවා“ යන්නයි.

මේ අතර මෙම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ලේකම්ගේ මූලිකත්වයෙන් කමිටු කිහිපයක් පත් කරන බව ඇමති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබිණි. එයට අමතරව, තවත් ආකාරයක ප්‍රචාරයක් ගෙන යන ආණ්ඩුව “වතු කම්කරු වැටුප නොගෙව්වොත් බදු ගිවිසුම් අවලංගු“ කරන බවට ඇමති මණ්ඩලය තීරණය කර ඇති බවට ප්‍රචාරය කර තිබේ. ඊයේ (24) පළ කරන ලද “අද“ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය ඇමති මණ්ඩලය ගත් බව කියන එම තීරණය පිළිබඳව ය. මේ ලෙස විවිධ ප්‍රකාශ කරමින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ ව්‍යාජයන් නැවත නැවතත් සමාජ ගත කරමින් සිටිති.

Facebook
Twitter
LinkedIn