මෙයට දශක දෙක හමාරකට පෙර සිට අධිකරණ පද්ධතිය කුණු වෙමින් පැවති ආකාරය එවකට තිබූ රාවය පුවත්පත විසින් ප්‍රබල අභියෝගයක් බාර ගනිමින් හෙළිදරව් කර තිබිණි.
අධිකරණයේ අතලොස්සක් වූ විනිසුරුවරුන් සහ නීතිඥයින් මෙන් ම, නීතිපති දෙපාර්තමේන්තුව තුළ ද බලය යොදවමින් අහිංසක ජනතාව දරුණු පීඩනයකට පත් කිරීම මෙන් ම කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ගත් ආකාරයද එම ලිපිවලින් හෙළි කර තිබිණි. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ එම ලිපි අළලා වාර්තා චිත්‍රපටියක් නිර්මාණය කරනු ලැබීය. උසාවිය නිහඬයි යනුවෙන් නම් කර තිබූ එම වාර්තා චිත්‍රපටය පහත දැක්වේ.
60









