මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ඍජුව ඉලක්ක කර ගනිමින් දියත් කර තිබෙන ප්‍රහාරවලට අමතරව, විශාරද නන්දා මාලනී සහ විශාරද ගුණදාස කපුගේ වැනි කලාකරුවන් ඉලක්ක කර ගනිමින් සුන්බුන් විපක්ෂයේ මඩ ප්‍රහාර එල්ල වේ.
එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිනියක වන කුමුදුනී බණ්ඩාර නිල මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙන්නේ නන්දා මාලනී සංගීතයෙන් රටම ලේ විලක් කළ බවයි. හන්තාන අඩවියේ, යදමින් බැඳ විලංගු ලා වැනි ගීත සරසවි සිසුන් අතර ඉතා ප්‍රචලිත බවත් එවැනි ගීත ගායනා කිරීමෙන් රටම ලේ විලක් කළ බවත් ඇය ප්‍රකාශ කර තිබේ.
එයින් නොනැවතී ගුණදාස කපුගේ ද එම අඩි පාරේ ම ගිය බව සඳහන් කර ඇත. මේ වනවිට සුන්බුන් විපක්ෂයේ කණ්ඩායම් සැලසුම් සහගතව ප්‍රගතිශීලි මත දරන සියලුම පුද්ගලයින් වෙත අභූත චෝදනා එල්ල කරමින් ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන බව යළිත් වරක් සනාථ වී තිබේ.
1977 – 1994 එක්සත් ජාතික පක්ෂ පාලන කාලය 17 වසරක සාපය යනුවෙන් ජනතාව විසින් නම් කළ බව ඇයට අමතක වී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති.









