මෛත්‍රී මහින්ද කුමන්ත්‍රණය අලුතින් ගෙනත්

මෛත්‍රී මහින්ද කුමන්ත්‍රණය අලුතින් ගෙනත්

රනිල් වික්‍රමසිංහ බේරා ගැනීම වෙනුවෙන් ම පිහිටුවා ගන්නා ලද Free Lawyers සංවිධානයේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් නම් කරමින් ආරම්භ කර තිබෙන ප්‍රහාරය 2018 ඔක්තෝබර් මස දියත් කළ මෛත්‍රී මෛත්‍රී කුමන්ත්‍රණය හා සමාන තත්වයකට පත් වී ඇති බව තහවුරු වී තිබේ.

මෛත්‍රී මහින්ද ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයේ දී නීති විරෝධීව ජනාධිපති බලතල යොදා ගනිමින් මෛත්‍රිපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබීය. එම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කරනු ලැබීය.

එම පෙත්සම් විභාග කළ එවකට සිටි අගවිනිසුරු නලීන් පෙරේරා ඉලක්ක කර ගනිමින් විමල් වීරවංශ ඇතුළු පිරිසක් අපහාසාත්මක නින්දිත ප්‍රහාරයක් දියත් කරනු ලැබීය. ඊයේ (13) රාත්‍රියේ හිරු රූපවාහිනී සංවාදයකට එක් වූ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තිදෙනෙකු නම් කරමින් මත දක්වමින් දේශපාලනික ප්‍රහාරයක් දියත් කළේය. 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණය අවස්ථාවේදී වීරවංශ ඇතුළු පිරිස ක්‍රියා කළ ආකාරයෙන් ම මේ අවස්ථාවේ දී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු පිරිසක් ක්‍රියාත්මක වී ඇති බව මෙයින් තහවුරු වේ.

Facebook
Twitter
LinkedIn