සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පමණක් පොදු මහජන අවකාශය තුළ මුව අවාරණ පැළඳ සිටීමට තරම් සෞඛ්‍ය අනාරක්ෂිත තත්වයක සිටින්නේ දැයි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.
මෙම අවධානය විශේෂයෙන් ම යොමු වී තිබෙන්නේ අගමැති දිනේෂ් ගුණවර්ධන සමඟ ආගමික උත්සවයකට සහභාගී වී විදුලි ආලෝකය දැල්වීමේ අවස්ථාවට අදාළ ඡායාරූපය ප්‍රසිද්ධවීමත් සමඟ ය. කොළඹ ගංගාරාමයේ වෙසක් කළාපය විවෘත කිරීමට ඊයේ (24) මෙම දෙදෙනා ම සහභාගී වී ඇති අතර වයෝවෘධ දිනේෂ් ගුණවර්ධන පවා මහජන අවකාශය තුළ විවෘතව හැසිරෙන බව පෙන්නුම් කළත් සජිත් ප්‍රේමදාස පමණක් මුව ආවරණ පැළඳ සිටිම පිළිබඳව බරපතළ විවේචන එල්ල වෙමින් පවතී.
ඇතැම් අය මේ පිළිබඳව අර්ථ දක්වා තිබෙන්නේ සජිත් ප්‍රේමදාසගේ “උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු“ න්‍යාය අනුගමනය කිරීමේ ප්‍රභූ අධිකාරීත්වය වෙනුවෙන් මුව වැස්මක් පැළඳ සිටින බවයි.
888










