සජිත් පිලේ අලුත් සුළි කුණාටුවක් ගම්පහෙන්

සජිත් පිලේ අලුත් සුළි කුණාටුවක් ගම්පහෙන්

සමගි ජන බලවේගය පරාජයට පත් කිරීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබලයෙකු සිදු කරමින් පවතින බව අජිත් මාන්නප්පෙරුම ප්‍රමුඛ පිරිසක් විසින් හෙළි කර තිබේ.

එම කුමන්ත්‍රණය පිළිබඳව පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට වාර්තා කිරීම සඳහා අජිත් මාන්නප්පෙරුමගේ නිවසේ ඊයේ (24) එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් එක්වී සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාවේදී ඇති කර ගත් ඒකමතික තීරණයක් අනුව අදාළ කුමන්ත්‍රණකරුවා ඉවත් කරන ලෙස බල කෙරෙන සංදේශයකට අත්සන් තබා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම ප්‍රමුඛව එඩ්වඩ් ගුණසේකර, රෝස් ප්‍රනාන්දු, හසිත ගුණසේකර, ප්‍රසාද් සිරිවර්ධන, නිරෝෂා අතුකෝරාල ප්‍රමුඛ පිරිසක් අත්සන් තබා තිබේ. අදාළ සංදේශය හෙට (26) සජිත් ප්‍රේමදාසට බාර දීමට නියමිත බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn