මහින්දගේ කාලයේ පරණ ප්‍රවෘත්තියක්

මහින්ද රාජපක්ෂ දෙවන ජනාධිපති ධුරය දැරූ සමයේ ආශ්චර්යමත් ආර්ථික වර්ධනයක් සිදු වෙමින් පවතින බවට ප්‍රචාරය කළ ආකාරයේ ම ප්‍රවෘත්ති දැන් යළිත් ප්‍රචාරය කිරීමට පටන් ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් තවත් ආසන්න ම නිදර්ශනයක් දිනමිණ වෙබ් අඩවියේ ප්‍රවෘත්තියකින් ලැබී තිබේ. අද (25) එම වෙබ් අඩවිය “කොළඹ කොටස් වෙළඳපොල දකුණු ආසියානු කලාපයේ වේගයෙන් වර්ධනය වන වෙළඳපොලක් බව තහවුරු කර ගනී“ යන සිරස්තලයෙන් පළකර තිබේ.

එහි සවිස්තරවල දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, එන්ඩීබී බැංකුව සහ එල්ඕඑල්සී මූල්‍ය සමාගම් යන මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතනවල කොටස් මිල ඉහළ ගොස් ඇති බව ය. මූල්‍ය ආයතනවලට අමතරව සඳහන් කර තිබෙන්නේ ජෝන් කීල්ස් සමාගම සම්බන්ධයෙන් පමණි. එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සූදානම් වී සිටින රනිල් වික්‍රමසිංහ රටේ ආර්ථිකය ගොඩ ගත් බවට ගෙන යන ප්‍රචාරය වෙනුවෙන් මේ ආකාරයේ ප්‍රවෘත්ති මහින්ද රාජපක්ෂ පාලන සමයේදී මෙන් ම බෙදා හරින බව පැහැදිලි වී තිබේ.

Facebook
Twitter
LinkedIn