රනිල්, වලේබොඩ පිල සහ සජිත්, යාපා පිල අතර දැඩි උණුසුමක්

පොහොට්ටු පක්ෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තේරී පත්වූ ගාමිණී වලේබොඩ රනිල් වික්‍රමසිංහ සමඟත් එම පක්ෂයෙන් ම මහනුවර දිස්ත්‍රික්කයට තේරී පත් වූ වසන්ත යාපා බණ්ඩාර සජිත් පිල සමඟත් එක්වී උණුසුම් තරඟයක් නිර්මාණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ්

මෙම තරඟයට මූලික හේතුව කොට තිබෙන්නේ රුසියා යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් සැපයූ මිනිස් ජාවාරමයි. එයින් වින්දිතයන් බවට පත් වී සිටින පිරිස් මුදා ගැනීම වෙනුවෙන් රනිල්, වලේබොඩ පිල සහ සජිත්, යාපා බණ්ඩාර පිල අතර මෙම උණුසුම් තරඟය හට ගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ හමුවීමට ගිය ගාමිණි වලේබොඩ සහ දයාසිරි ජයසේකර ලබා දුන් තොරතුරු අනුව අදාළ ලාංකිකයන් මුදා ගැනීමේ මෙහෙයුම සඳහා උදයංග වීරතුංග සහ කමල් ගුණරත්න ප්‍රමුඛ දූත පිරිසක් පත් කර සිටී. මේ අතර එම මෙහෙයුම සඳහා ම සජිත් ප්‍රේමදාසගේ පිලෙන් වසන්ත යාපා බණ්ඩාර, ජේ. සී. අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා පත්කර ඇති බව හෙළිකර තිබේ. සජිත් පිල නියෝජනය කරමින් පත්කර ඇති මොවුන් රුසියාව සමඟ “රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක්“ දියත් කිරීම සඳහා එරට බලා පිටත්ව ගොස් ඇති බව මාධ්‍යට පවසා ඇත. මේ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ පත් කළ දූත පිරිස රුසියාව බලා ගියේ දැයි මේ වනතුරු වාර්තා වී නැත.

Facebook
Twitter
LinkedIn