මහ බැංකුවේ නන්දලාල් ජනතා අයිතීන් කොල්ලකාලා

මහ බැංකුවේ නන්දලාල් ජනතා අයිතීන් කොල්ලකාලා

ශ්‍රී ලංකා මහ බැංකුව වාර්ෂිකව නිකුත් කරන වාර්තාව තුළ මේ දක්වා තිබූ සවිස්තර සංඛ්‍යා දත්ත ඉතා විශාල කප්පාදුවකට ලක්කර තොරතුරු දැන ගැනීමට තිබෙන මහජනතාවගේ පුරවැසි අයිතිය වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යටතේ පැහැර ගෙන තිබේ.

රටේ සමාජ ආර්ථික පසුබිම නිරූපණය කරන දත්ත, විචාර සහ විශ්ලේෂණ එක්තැන් කරන ලද වාර්තාවක් ලෙස මේ දක්වා මහ බැංකු වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත් කරනු ලැබීය. එහෙත් පසුගිය 2023 වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ දත්ත, විශ්ලේෂණ සහ විචාර ඉතාමත් ම සීමිත පරාසයකට සීමා කර ඇත.

මේ සඳහා ප්‍රබලම නිදර්ශණය වන්නේ 2022 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාවේ සවිස්තර දත්ත සඳහා පිටු 161ක් සම්පූර්ණයෙන් ම වෙන් කර තිබීමයි. එම පිටු සංඛ්‍යාව 2023 දී 31 කකට සීමා කර තිබේ. මේ තුළින් තොරතුරු දැන ගැනීමට තිබෙන මහජන අයිතිය කෙතරම් ප්‍රමාණයකින් උල්ලංඝණය කර ඇති බව සනාථ වන අතර ඉතා වැදගත් තොරතුරු ප්‍රමාණයක් ජනතාවගෙන් සඟවා තබන දේශපාලනයක් ක්‍රියාත්මක වී ඇති බවත් පැහැදිලි වේ.

Facebook
Twitter
LinkedIn