ආසියාවේ බලවත් ම දූෂණ විරෝධි පනත සම්මත කර ගත් බව ප්‍රකාශ කළ රනිල් පොහොට්ටු හවුල් පාලනය මේ වනවිට විගණකාධිපති නිර්දේශ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඉවත දමා බරපතළ මූල්‍ය අපරාධවලට ඉඩ සලසා ඇති බව අනාවරණය කර තිබේ.
මේ පිළිබඳව විගණකාධිපති ඩබ්ලිව්. පී. ඩී. වික්‍රමරත්න මාධ්‍යයට තොරතුරු අනාවරණය කර ඇත. අද (25) ලංකාදිප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය පළ කර තිබුණේ විගණකාධිපතිවරයාගේ හෙළිකිරීම පදනම් කර ගනිමිනි.
“දූෂණ – වංචා හොයන නියෝග වතුරේ“ යන සිරස්තලයෙන් එම ප්‍රවෘත්තිය පළ කර තිබේ. එහි වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ රාජ්‍ය ආයතනවලට විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය නොවන බව ය. මේ නිසා විවිධ වංචා දූෂණ සම්බ්නධයෙන් ලබා දී තිබෙන නිර්දේශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් නොතකා හැර ඇති බව හෙළිකර තිබේ. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීමේ නීති පැනවිය යුතු බව ඔහු අවධාරණය කර තිබේ.










