වැසිකිලි ගාස්තු තවත් ඉහළට

වැසිකිලි ගාස්තු තවත් ඉහළට

දිවයිනේ පළාත් පාලන ආයතනවල මහජන වැසිකිලි සඳහා ඉතා ඉහළ ගාස්තු අය කරමින් සිටින බව වාර්තා වේ.

මෙතෙක් අය කළ ගාස්තුව රුපියල් 20ක් වූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන ඡායාරූපයකින් දැක්වෙන්නේ කුරුණෑගල එම ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කර ඇති බව ය.

ඊට අමතරව මගී ජනතාව ගසා කෑම සඳහා ක්‍රමයක් ලෙස වැසිකිලි ගාස්තු යොදා ගෙන තිබේ. දුරගමන් සේවා බස්රථ නවත්වන ආපන ශාලා පවත්වාගෙන යන වැසිකිලි පාවිච්චි කිරීම සඳහා ගාස්තු අය කිරීම ආරම්භ කර තිබේ. එම හෝටල්වලින් පාරිභෝගික ජනතාව ඉතා විශාල වශයෙන් ගසා කන අතර වැසිකිලි ගාස්තු අය කිරීමේ ද තවත් වටයකින් එවැනි ගසා කෑමක් ආරම්භ කර ඇත.

Facebook
Twitter
LinkedIn